Sri Lankan news - Other Countries

 

ජිනීවා පන්සලෙන් සහන සේවාවක්

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 16 ක 3,52000කටත් වඩා අපේම සහෝදර ජනතාවක් බලවත් ලෙසටම මේ වනවිට පීඩනයට පත්ව ඇති බව ඔබ දන්නවා ඇතැයි සිතමු. මුළු රටම මේ පීඩනයෙන් හා ගංවතුර බියෙන් සසල වී ඇති බව පෙනේ.

Read more ...
පාස්කු සතියේදී ස්විට්සර්ලන්තයේ භාවනා වැඩ සටහනක්

ලොව සුපතල අනර්ඝ චොක්ලට් වර්ග කිහිපයක්ම නිපදවන ස්විට්සර්ලන්තයේ " බ්‍රොක්" නඟරයේ දර්ශනීය කඳුකර ප්‍රදේශයක පිහිටි "සාම මන්දිරය" නමින් හැඳින්වෙන නිසංසල මන්දිරයක් තුල දින පහක විපස්සනා භාවනා වැඩසටහනක් පසුගිය පාස්කු සතියේදී පවත්වා ඇත. ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ පුජ්‍ය ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන සඳහා විවිධ යුරෝපා ජාතිකයින් 40 ක් පමණ සහභාගිවුහ.

Read more ...
අයර්ලන්තයේ මහමෙව්නාව අසපු ශාඛාවක්.

අයර්ලන්තයේ ජිවත්වන බෞද්ධ සැදැහැවතුන් විසින් කලක් තිස්සේ කල උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මහමෙව්නාව අසපු ශාඛාවක් අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින් නඟරයට ආසන්න නිශ්කලංක පෙදෙසක පිහිටි ස්ථානයක ආරම්භ කිරීම සඳහා කටයුතු යොදා ඇත.

Read more ...
ජනපති ජර්මන් අධිකරණ සංඝනායක හිමි පිළිගනි

මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ රත්මලේ පුඤ්ඤරතන හිමියන් පිළිගැනීමේ උත්සවය පෙබරවාරි 28 වැනි දා සවස 2 ට හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයීය මෙත්සිරිපාය ශ්‍රවණාගාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

Read more ...
ජාත්‍යන්තර සාම දිනය ජිනීවාහිදී  සැමරේ

ලොව කිතුණුවන්ගේ අධ්‍යාත්මික නායකයානන් ලෙස ශුද්ධවූ පාප් වහන්සේගේ මඟපෙන්වීමෙන් යුතුව වාර්ෂිකව ජිනීවා නගරයේ සාන්ත නිකොලා ආසන දෙව් මැදුරේදී පැවත්වින ලෝක සාම දින සැමරීමේ උත්සවය කතෝලික යුදෙව් ඉස්ලාම් හ බෞද්ධ නායකයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා උත්කර්ෂවත්ව සිදු කෙරිණ.

Read more ...
බහරේන්හීදී ලක් නිදහස් උත්සවයක්

ශ්‍රී ලංකාවේ 68 වැනි ජාතික නිදහස් දිනය සනිටුහන් කරමින් බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිදහස් දින උත්සවයක් සංවිධානය කැරිණි.

Read more ...
ඩුබායිහි අලුත් පන්සලක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙසෙන බෞද්ධ ජනතාවගේ ආගමික සහ සංස්කෘතික අවශ්‍ය තාවයන් සපුරාලීමේ අරමුණ පෙරදැරිකොට  ජනවාරි මස 29 වෙනි දින පුජ්‍ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාරාමය නමින් නව විහාරස්ථානයක් ආරම්භ කරනු ලැබිය.

Read more ...
ජර්මනියේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලබන රත්මලේ පුඤ්ඤරතන මාහිමි.

සටහන : මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමි - ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක,ජේතවන විහාරය,පැරිස් නුවර.

Read more ...
නවසීලන්තයට අපේ කෑම ගෙනගිය වත්තේගම සුදත්

නවසීලන්තයේ දකුණු දිවයිනේ නැගෙනහිර වෙරළබඩ පිහිටි ක්‍රයිස් චර්ච් නුවර එම රටේ ප්‍රසිද්ධව ඇත්තේ රමණීය ගෙවතු නුවරක් ලෙසයි. නගරය මැඳින් ගලායන නීලවර්ණ සුපිරිසිදු ජලයෙන් පිරි එවොන් ගංගාවත්, හරිත වර්ණයෙන් පිරීගිය සුවිසල් බිම් පෙදෙසත් ක්‍රමානුකුලව ඉදිකර ඇති හැග්ලි මල්වත්ත, ක්‍රයිස් චර්ච් උද්භිද උද්‍යානය ඇතුළු විවිධාකාර උයන්වතු, දෙපස මලින් පළින් බර ගහකොළින් වටවූ ඇළ දොළ, බයිසිකල් මාර්ග, පදික වේදිකා ආදිය මේ නඟරයේ සුන්දරත්වය රඳවා ගැනීමට සමත්වී ඇත.

Read more ...
බර්ලින් විහාරයේ කඨින පිංකම

යුරෝපයේ පැරණිතම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් වන ජර්මනියේ බර්ලින් විහාරයේ කඨින පිංකම අමරපුර ශ්‍රී ධම්මරක්කිත නිකායේ මහානායක පුජ්‍ය තිරිකුනාමලේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිය. දින දෙකක් තුල පැවැති පිංකම සඳහා ශ්‍රී ලාංකික, ජර්මන්, තායි, කාම්බෝජ සහ වෙනත් ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වුහ. ප්‍රධාන අමුත්තා ලෙස ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම සහභාගිවිය.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction