sri express

විදුලි ගාස්තු අප්‍රේල්  20 වෙනිදා සිට ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඊයේ (17)  අවසර දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළ නව ගාස්තු ක්‍රමවේදයට අනුව ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ විදුලිය බිල සියයට 60 කින් පමණ වැඩිවේ. මෙවර  විදුලිය ඒකකයකට අය කරන ගාස්තු ගණනය කිරීමේ ක්‍රමවේදය ද වෙනස් කර තිබේ.

මේ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ ඒකක කාණ්ඩ අනුව ගාස්තු අය කිරීමේ ක්‍රමය වෙනුවට සමස්ත පරිභෝජන ඒකක ප්‍රමාණය අයත්වන කාණ්ඩයට හිමි ගාස්තුව මත සියලුම ඒකක වෙනුවෙන් ගාස්තුව ගණනය කරනු ලැබේ.

මෙතෙක් කල්, විදුලි ඒකක 90ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ විදුලිය බිල සකස් කරනු ලැබුවේ මුල් ඒකක 30 ට රුපියල් 3 බැගින් ද ඊ ළඟ ඒකක 30 ට රුපියල් 4.50 බැගින්ද ඉතිරි ඒකක 30 ට රුපියල් 7.50 බැගින්ද වේ. එහෙත්, නව ක්‍රමය අනුව මුළු ඒකක 90 සඳහාම රුපියල් 8.50 බැගින් ගණනය කර විදුලිය බිල සකස් කරනු ලැබේ. ඒ අනුව විදුලි ඒකක 91ක් පරිභෝජනය කරනු ලැබූ පාරිභෝගියෙකුට එක් විදුලි ඒකකයක් වැඩි වීම හේතුවෙන්, රුපියල් 1,065 මුදලක් විදුලිබිල්පතට එක්වනු ඇත. එනම් මෙහිදී විදුලි ඒකකයක් පරිභෝජනය කිරීමෙන් 126%කින් විදුලි ගාස්තු වැඩිවේ.

ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලිය බිල විශාල ලෙස ප්‍රතිශතයකින් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම ගණනය කිරීමේ ක්‍රමවේදයයි.

මෙතක් විදුලිය ඒකක 180 ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු අය කරනු ලැබුවේ එකම කාණ්ඩයක් ලෙස සලකායි.

එහෙත්, නව ක්‍රමවේදය අනුව ඒකක 181-210 දක්වා විදුලි ඒකකයක මිල රුපියල් 36 සිට 24 දක්වාද  211-300 විදුලි ඒකකයක මිල රුපියල් 36 සිට රුපියල් 26 දක්වාද   ,301-900 විදුලි ඒකකයක මිල රුපියල් 36 සිට 32 දක්වා ද, 900ට වැඩි ඒකක සඳහා රුපියල් 36 සිට 34 දක්වා ද අදාළ ගාස්තු සංශෝධනය කර තිබේ.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction