sri express

ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයීය  වෙසක් උත්සවය

ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයීය  වෙසක් උත්සවය මෙවරද ආචාරය තවලම ධම්මික නාහිමි මග පෙන්වීමෙන් අති උත්කර්ෂවත්ව විහාර පරිශ්‍රයේදී, විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ. ශ්‍රී ලංකා, තායිලන්ත, ලාඔස්, කාම්බෝජ තානාපතිවරුන්ගේ සහභාගීත්වය මෙවර ද  විශේෂත්වයක්  වීය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා වෙළඳ තානාපති කුමාර රත්න මහතා සියළු තානාපති වරුන් වෙනුවෙන් සුභ පැතුම් එක් කළ අතර ස්විස් ජාතික ලක්ඛණෝ තෙරුන් හා භික්ඛුනි මුජින් සුනිම් ද  තායි ජාතික චයිනපොට් හිමියන් හා හල්විටිගල සුජාත හිමියෝ වෙසක් උළෙලේ අගය පිළිබඳ දේශන පැවත්වූහ.

සාංඝික දානයෙන් අනතුරුව සිය ගණනකට ආහාර පාන වලින් සංග්‍රහ කිරීම ද  විශේෂයක් වීය.වෙසක් පොහෝදා ශ්‍රී ලාංකික පින්වතුන් අටසිල් සමාදන් වූ අතර දවස පුරාම භාවනා ධර්මදේශනා හා ධර්ම සාකච්ඡා පැවත්වුනි. 

එදින සවස, කාලයක් තිස්සේ භාවනා කරමින් ආගමික ආශ්‍රය ලැබූ  ස්විස් ජාතිකයන් 10  දෙනෙක්  සුදුවතින් සැරසී පැමිණ තිසරණ පන්සිල් ගැනීමෙන්  නිල වශයෙන් බෞද්ධයන් බවට පත්වීම කාගේත්  විශේෂ අවධානයට ලක්වූ සිදුවීමක් වීය. හැම වර්ෂයකම වෙසක් පොහෝදා බොහෝ යුරොපීය ජාතිකයන්  මෙසේ බුදුදහමෙහි සරණ පැතීම සිරිතක් ලෙස වසර ගණනාවක සිටම  සිදුවේ.

මෙම අවස්ථාවේදී  දොමිනික් මහතා ධම්ම නමින් ද, ක්‍රිස්ටියන් මහතා සරණ නමින් ද, ඕමා මහතා ඕභාසෝ නමින්ද, එලිස්බෙත් මිය ඉන්දිරා නමින් ද, එලිඩා මිය ඉන්ද්‍රා නමින් ද, එයුර්ඩිස් මිය ඉන්දිකා නමින් ද,  පුන්ග් මිය පත්මා නමින් ද , ක්ලොඩිය මිය කරුණා නමින් ද , රොස්තා මිය රන්ජනී නමින් ද , ඇලෙක්සැන්දා මිය ආනන්දි නමින් ද, නිල වශයෙන් බෞද්ධ නාමයක් ලබමින් මෙහි දී  තිසරණ පන්සිල් සමාදන්වූහ.එම අවස්ථාව මෙසේ ජායාරූපයට නැගිණ.



Centre Bouddhiste International de Genève
Chemin de Joinville 22, 1216 Genève Cointrin (Suisse)
+41 (0)22 321 59 21
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction